iranama
පොරොන්දම් ගැලපුණත් විවාහය
අසාර්ථක වන්නට හේතු මෙන්න
විභාගයක් පවත්වන්නේ2 දැනුම පරීක්ෂාකර බැලීමටය. එය මිනිහාට පමණක් අදාළ වේ. අනෙක් හැම දෙයක්ම 'තත්ත්වය' හඳුනාගැනීමට වෙනත් ක්‍රම වේ. රත්ත්රං නම් උරගා බැලිය හැකිය. මලක් නම් සුවඳින් කිව හැකිය. කෑමක් නම් දිව ගා බැලිය හැකිය. දිව, කන, නාසය, බුද්ධිය ඇසුරෙන් බොහෝ දේ හඳුනාගත හැකිය. ඒත් 'මිනිසා' කොහොම කෙනකු දැයි හඳුනාගැනීමට මිනුම් දණ්ඩක් නැත. කතා කළ හැකි නිසාත් මානවයා හඳුනාගත හැකි වුවත් හෙතෙම මෝඩයෙක් ද නැණවතෙක් ද උගතෙක් ද නරුමයෙක් ද යනු දුටු පමණින් හඳුනාගැනීමට බැරිය. ඒත් මේ මානව සමාජය තුළ ජීවත් වීමට නම් තමා ඉදිරිපිට සිටින්නේ, ඇසුරුකරන්නේ කොහොම කෙනෙකු දැයි මැනවින් හඳුනාගන්නේ නැතිව ජීවත්විය නොහැකිය. මිනිසුන් අතර දිගු කාලීන ඇසුරක් ඇත්තේ විවාහයේදීය. විවාහයෙන් පසු සැමියකු හෝ බිරිඳක වශයෙනුත් පියකු හෝ මවක වශයෙනුත් මැරෙන තුරු බැඳීමකින් යුතුව ජීවත් විය යුතුය. ඒ නිසා අතීතයේදී හැමදාම එකට ජීවත්විය හැකි දැයි පරීක්ෂාකර බැලීමට පැරැණි ඉසිවරු ජ්‍යෙdතිෂය පැත්තෙන් එක්තරා මිනුම් දණ්ඩක් දුන්නේ ය. එය විවාහ ගැලපීම හෙවත් පොරොන්දම් යනුවෙන් එදා සිට පවතී.
එම ගැලපීම එදා සමාජයට හරිය නිවැරදිය. අද සමාජයට නිවැරදි නොවේ. වැරදිය. හේතුව එදා ජීවිතයට වඩා වත්මන් ජීවිතය සංකීර්ණ බැවිනි. අතීතයේදී ජීවත්වීම අරගලයක් නොවීය. වත්මන් ජීවිතය යනු අරගලයකි. සමහර විට සංග්රාමයකි.
අතීතයේදී මහ පොළොව සාරවත් පිං බිමකි. පෘථිවිය හා සොබාදහම විසින් මිනිහා ජීවත් කළේ ය. එදා මහ පොළොවේ මේ කොටස මගේයි' යි වෙන් කර වැටක් බැඳ මායිම් සලකුණු කිරීමේ සිරිතක් නොවීය. හැම ගම්මානයක් යාබදවම වනාන්තරයක් විය. එහි ගස් කොළං, ගෙඩි ආදී අස්වැන්න කාටත් පොදුය. කවුරුත් ඒවා පරිහරණයට ගත්තේ ය. එහෙයින් ජීවිතය අරගලයක් නොවීය. මේ වර්තමානය එසේ නැත. වැඩි දෙනෙක් පර්චස් හතක - අටක භූමි භාගයක් වෙන් කරගෙන තම තමාගේ ලෝකය නිර්මාණය කරගත්හ. එතැන සිට ලෝභය, තණ්aහාව, අසමගිය, වෛරය සම`ග ගෙදර දොර වසාගෙන ඉබි යතුරු දමාගෙන ජීවත් වෙති.
අද ඒ පුංචි ලෝකයේ ජීවත්වන හැම කෙනෙක්ම සමාජයට වගකීමක් නැති ජීවිත ඇතිව සිටිති.
ඒ සා දීර්ඝ පසුබිමක් ගොඩනඟා ගත්තේ විවාහ ගැලපීම ගැන යමක් ලියන්නට ය. එදා සුදොවුන් රජුගේ කාලයේ පටන් අද දක්වා මිනිස්සු විවාහයට පෙර පොරොන්දම් පරීක්ෂා කර බලා විවාහ වෙති. එහෙත් එසේ සිදු කරන විවාහ වැඩි ගණනක් අතර මඟ බිඳ වැටෙයි. එසේ නම් විවාහය සඳහා කරන පොරොන්දම් ගැලපීම වැරදිය. මගේ අත්දැකීම අනුව මගේ නිගමනය එම පොරොන්දම් ගැලපීම යල්පැන ගිය එකකි. අදට ගැලපෙන්නේ නැත.
වත්මන් මිනිසකුට ජීවත්වීම සඳහා නිරෝගී බව අවශ්‍යය. ආයු බලය අවශ්‍යය. ගේ දොර අවශ්‍යය, ආදායමක් අවශ්‍යය, බැංකු ගිණුමක් අවශ්‍යය, මනුෂ්‍යත්වය අවශ්‍යය, සමාජ පිළිගැනීමක් අවශ්‍යය. එහෙත් ඒ එකක්වත් පොරොන්දම් කෙරෙන් දක්නට නොලැබේ. එම පොරොන්දම් ගැලපීම අදට උචිත නැති බවක් සඳහන් කළේ ඒ නිසා ය. එහෙත් ජීවිතය පිළිබඳ මුහුකුරා ගිය පරිණත ජ්‍යෙdතීර්වේදියා පොරොන්දම් පරීක්ෂණයට පරිබාහිරව විවාහය පවත්වාගෙන යා හැකි දෛව ශක්තිය කෙනකුට වේදැයි පරීක්ෂා කර බලන හැටි දන්නේ ය.
ඒa සඳහා හෙතෙම විවාහ අපේක්ෂකයාගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේද? සැ`ගවුණු රෝග වේද, සැත්කම් වේද, අල්ප, මධ්‍යම, දීර්ඝ වශයෙන් ආයු බලය කෙබඳු ද මන්ද බුද්ධික දරුවෝ වෙත් ද දරුඵල සහිත ද නඩුහබ වේ ද සිර ද`ඩුවම් ලබයි ද විදෙස් බලය කෙබඳු ද මනා ආර්ථික ශක්තියක් වේද බහු විවාහ යෝග සහිත ද දෙවැන්නාට ගරු කරයි ද ඉවසිලිමත් ද සාධාරණ ද සාහසික ද පළිගන්නා සුළු ද සමාජ පිළිගැනීමක් වේ ද මේ ආදී සියල්ල හඳුනාගත හැකි ක්‍රම ජ්‍යෙdතිෂයේ දැක්වේ. ඒවා එකක්වත් පොරොන්දම් අතර නැත. එහෙයින් එය අදට ප්‍රමාණවත් නැත. එහෙයින් හඳහන් ගැලපීමේදී මෙහි ඉහත සඳහන් කළ සියල්ල පරීක්ෂා කර බලා පොරොන්දම් ගැලපීමක් සහිත සම්පූර්ණ වාර්තාවක් සැපයිය යුතුය. ඒ සඳහා වෙළෙඳ ජ්‍යෙdතිෂය කරන්නකු වෙත නොගොස් දක්ෂ ජ්‍යෙdතිෂවේදියකු ලවා එය පරීක්ෂාකර බැලීමට උනන්දු විය යුතුය.
ජන්ම කේන්ද්‍රයේ විවාහ කාරක ග්‍රහයා නීච නම්, දුෂ්ට රාශිගතව සිටියේ නම්, පාප කර්තරී වූයේ නම් පාප දෘෂ්ටි සහිත නම් ඔහුට සතුටුදායක විවාහයක් නැත.
එසේම ජන්ම කේන්ද්‍රයේ විවාහ රාශිය වූ 7 වැන්න පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත්ව ඇත්නම්, 7 වැන්න පාප කර්තරීව ඇත්නම් ඔහුගේ විවාහයත් සතුටුදායක නැත.
තවදුරටත් පුත්‍රස්ථානය වූ පස්වැන්න දූෂිත වූයේ නම් පුත්‍රකාරක ගුරුත් දුබල නම් දරුඵල පැත්තෙන් ඔහුගේ ජීවිතය සාර්ථක නැත. විශේෂයෙන් විවාහක පුරුෂයාට නඩුයෝග, බහු විවාහ යෝග, සිර ද`ඩුවම් ලබන යෝග වෙයි නම් ඒ විවාහයත් සතුටුදායක නැත. අවාසනාවකට මෙන් වත්මන් ජ්‍යෙdතිෂ කටයුතු කරන වැඩිදෙනෙක් ඒ කිසිවක් ගැන විමසා බැලීමක් නොකෙරේ. ආයුබල රහිත කේන්ද්‍ර හිමියා හෝ උමතු ස්වභාවය පෙන්නුම් කරන ග්‍රහ පිහිටීම් කිසිවක් හඳුනන්නේ නැති නිසා පොරොන්දම් 10 කට වැඩි ගණනක් ගැලපුණ පමණින් විවාහයට සුදුසු යෑයි නිර්දේශ කරයි. මේ නිසා විවාහක යුවළ පමණක් නොව ඔවුන්ගේ දෙමවුපියෝත් පසුතැවෙති. ජ්‍යෙdතිෂවේදියාගේ දැනුම තක්සේරු නොකිරීම පිළිබඳව රජය නිරතුරුවම චෝදනා ලබයි. ඒ වූ කලී වි. ජ. මු ලොකුබණ්ඩාර මහතාගෙන් පසුව මේ සංස්කෘතික ඇමැතිකම සුදුස්සකු අතට පත්නොවීමේ වරදයි
ඒ නිසා මෙතැන සිට විවාහය අසාර්ථක කරන සියලුම ග්‍රහ පිහිටීම් ආධුනිකයා දැන සිටිය යුතුය. එහෙත් ඒ සියලු කරුණු එකින් එක විග්රහ කරන්නට ගියොත් ලොකු පොතක් ලියවිය යුතු වෙයි.
ඒ නිසා අප මෙතැනදීම විවාහයට සුදුසු කාලය කුමක්දැයි සරල වශයෙන් විමසා බලමු.
විවාහකාරක සිකුරුගේ දශාවක් හෝ 7 අධිපති ශුභ ග්‍රහයකුගේ දශාවක් තරුණ වියේදී ලබා ඇත්නම් ඒ කාලය විවාහයට නරක නැත. එහෙත් ඒ වන විට හෝ වසරකින් හමාරකින් පසුව පුත්‍ර ස්ථානය පාපියකුගෙන් පීඩා නොවී තිබිය යුතුය. ඒ කාලය විවාහයට උනන්දු විය යුතුය.
එසේම ජන්ම කේන්ද්‍රයේ 7 වැන්න හරහා ශනි, රාහු හෝ වෙනත් ග්‍රහයකු නීචව ගමන් කරන කාලයත් ළඟ ළඟම ඉදිරියට ජන්ම ඒරාෂ්ටකය වැනි කරදරකාරී කාලයක් එළඹෙතොත් එවිට ද විවාහයට කාලය සුදුසු නැත. විශේෂයෙන් පුත්‍රස්ථානය හරහා පාපියකු ගමන් කරන කාලයත්, පුත්‍ර කාරක ගුරු නීචව හෝ දුෂ්ට රාශියක් හරහා ගමන් කරන කාලයත් සුදුසු නැත.
මෙසේ බලන විට කෙනකුට විවාහයකට සුදුසු කාලය නිතරම නොවේ. ඒ නිසා තම දරුවාට විවාහයක් සඳහා සුදුසු කාලය කුමක් දැයි මවුපියන් විසින් ජ්‍යෙdතිෂවේදියකු වෙතින් විමසා බැලිය යුතුය. එසේ නැතිව වෙළෙඳසලකින් මිලදී බඩුවක් ලබාගන්නා සේ හිතූ හිතූ වෙලාවට විවාහයක් කරගැනීම අපහසුය. විවාහය ඉදිරියට දරු පිළිසිඳ ගැනීමකට කාලය උචිත දැයි ජ්‍යෙdතිෂවේදියා කියයි. මෙසේ බලන විට විවාහයක් සඳහා හොඳ ඉවසීමක් විය යුතුය. නුසුදුසු අවස්ථාවකදී විවාහයක් වීම නිසා ඔවුන්ට උපදින දරුවා රෝගියකු විය හැකිය. සමහර විට එම රෝගී බව ජීවිත කාලය පුරාම බලපවත්වන තද පීඩා සහිත එකක් විය හැකිය. මේ සඳහා අපමණ නිදසුන් ඉදිරිපත් කළ හැකිය. 1991 ජුනි මස 24 වැනිදා අලුයම 03.40 උපන් දරුවකුගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් මෙසේය.
ලග්නය - වෘෂභ
නවාංශකය - කුම්භ
බාධක ග්‍රහයා - ශනි
මාරක ග්‍රහයා - බුධ හා කුජ
එම කුජ නීචය. 8 අධිපති ගුරුගෙන් පීඩා වී ඇත. චිත්තකාරක සඳු ද නීචව 8 අධිපති ගුරුගේ නැකතක ය. ඒ නිසා මනස දුබල ය. මනස දුබල වූ විට ඉගෙනීමකට බුද්ධිය ඉඩ නොදේ. ලග්නය දකින එකම ග්‍රහයාත් නීච සඳු ය. ලග්නාධිපති සිකුරු පාප ග්‍රහයන් දෙදෙනකු වූ ගුරු - කුජ දෙදෙනාගෙන්ම පීඩා වී ඇත.
මේ දරුවාගේ මනස දුබලය. වෛද්‍ය ප්රතිකාරවලින් ද මෙතෙක් ගුණයක් ලැබී නැත. තවදුරටත් තත්ත්වය විමසීමට පියාගේ කේන්ද්‍රය පරීක්ෂාකර බැලිය යුතු වේ. මේ කේන්ද්‍රය දුබල වීමට පළමුව මවුපියන්ගේ පූර්ව පාපී බලයක් හෝ මා පියන් විවාහ වූ කාලය යහපත් නොවිය හැකිය. අනෙක් සියල්ලටම වඩා විවාහකයාගේ ලෙඩ රෝග, දරුපල හා ආයුබලය වැදගත් වෙයි. ඒ තුනෙන් එකක් හෝ දුබල නම් එම විවාහය කෙරෙන් අපේක්ෂා කරන සියලුම බලාපොරොත්තු බිඳ වැටේ.
දුප්පත්කම ජය ගත හැකි බාධාවක් පමණි. රැකියාව වුව ද උනන්දුව මත වෙනත් ආකාරයකින් හෝ ජයගත හැකිය. එහෙත් රෝගී තත්ත්වයත්, දරුඵලත්, ආයු බලයත් පෙර සසර ගමනේදී රැස් කරගත් පිං පව් අනුවම සිදුවන්නකි.
විවාහ පරීක්ෂාව අතින් සාමාන්‍ය ජනතාව සිටින්නේ ඉතාම පටු සංකල්පනා කීපයක් අතරය. විනිවිද දැකීමේ ශක්තියක් ඒ අයට නැත. එහෙයින් ග්‍රහ පොරොන්දම ගැලපේ දැයි අසයි. පොරොන්දම් 20 න් කීයක් ගැලපේ දැයි අසයි. එයින් ඔබ්බට විමසීමක් නැත. නැන්දම්මාගේ ආකල්පවල බලපෑම ගැන අසන්නේ නැත.
එහෙත් එය පරීක්ෂාකර බැලීමේ වගකීම ඇත්තේ ජ්‍යෙdතිෂවේදියා අතේ ය. 7 වැන්න හෝ විවාහ කාරක සිකුරු පාප කර්තරී වීම ගැන ජ්‍යෙdතිෂවේදීන් වැඩිදෙනකුගේ විමසීමක් නැති තරම්ය. පාප කර්තරී දෝෂය වෙතොත් විවාහය බිඳ වැටීම ස්ථිර ය.
ආචාර්ය පියසේන රතුවිතාන
0777270056
++++++++++++++ ++++++++++++ +++++++++++
කඳ දෙවිඳුගේ වරම ලබමු
කඳ සුරිඳු වඩමවා ගත් විසිතුරු ඇසළ පෙරහර වීථි සංචාරය කරන සමය ඉතා ළඟය. දෙවියන් උදෙසා දිවි පරදුවට තබා "කරපාද" හෙවත් පාද යාත්‍රාවේ යෙදෙන දමිළ බැතිමතුන් තවමත් "මහවන" මැදය.
ජූලි 24 වැනි දින සිට "ඕම් මුරුගා" හඬත් හරෝහරා හඬත් රැව් පිළිරැව් දෙන විට පොල් බිඳින හඬ නොනැවතී ඇසේවි. සිංහල බැතිමතුන් හිස ගිනි ගත්තවුන් සේ එහෙ මෙහෙ දුවති. සෙල්පි ගනිමින්ද, පාවහන් අත නොහැර කිරිවෙහෙරේ මල් පුදමින් ද දුරකථනයෙන් දොඩමළුවනු ඇත. එහෙත් සිංහල කවියකු වූ චිත්‍රානන්ද අබේසේකර සූරීන්, කඳ දෙවි සිරිත දුටුවේ මෙසේය.
දෙවිඳුන් හට පෙනී පියඹන හැටි දුන්න
මයුරාසන නැඟê යයි ලුහු බැඳ යන්න
දුනු කඳ - මැණික් ගඟ බඩ විය ලෙළ දෙන්න
සැරසිණි දෙවිඳු එහි ගරු බව රැක ඉන්න
සක්වල ගල බලා යන තැනකට යන්න
විද්ද කතරගම දෙවියන්ගේ දුන්න
වැටුණු තැන ගැමුණු රජු ඉදිකර දුන්න
කතරගම දෙවොල වැඳ සෙත් ලැබ ගන්න
කතරගම දෙවිඳු හොඳහැටි රූමත්ය
නිහඬය ශාන්තය හරියට බලවත්ය
අනුකම්පාව ඇත තද ඔද තෙද වත්ය
වරලද තැනැත්තකු වේ නම් ජය අත්‍ය
ජය ලබන්නේ කෙසේදැයි වර ලබන්නේ කෙසේදැයි විමසා බැලීම උචිතය.
දෙවිඳුන් වෙත තැබූ අචල විශ්වාසය හෙවත් භක්තිය විවිධ අරමුණු නිසා පලුදු විය හැක. විශ්වාසය සියයට සියයක් වූ විට, එය අචල භක්තියයි. වන්දනාවේ පැමිණි මොහොතේ සිට අචල භක්තියෙන් යුතුව එකම අරමුණක සිත කය රඳවා ගනු පිණිස ගායනයෙහි යෙදිය යුතුය. සෙසු වන්දනා කරුවන්ට බාධා නොවන ලෙස මෙසේ දෙවියන් යදිනු මැනවි.
සාන්තිය දී සතට සේමී කාන්තීමත් මයුර සාමී
සාන්පති බඹ සිරින් පේමී සුගත සාසනරක්න දැමී
පාන් සිත්වී කන්ද සාමී ඔබේ නියරැස් ගඟුල නාමී
ඕම් සරවන භව සරාමී ඕම් සරවනභව සරාමී
දාම් වඩවන භූමි සුරාමි සාන්තිය දෙන අමර සාමී
චාන්දන දුම් සුවඳ කාමී මයුර වාහන දරණ පේමී
ඝාන්ඨා නාදයෙන් පුදමී සවන සුරපතිගුණ ගයාමී
ඕම් සරවනභව සරාමී ඕම් සරවන භව සරාමී
සාන්තීනා සසුන සමගා ලෝ සසුන් නිති රකින පවගා
කාන්තීමත් කොකුන් පැහැගා සවන සුරපති තුමනි දියගා
සාන්තිය සෙත පතා ගුණ ගායනා කරනා ගැතිට මෙරඟා
පාන්කළ මැන සැපත මෙමගා ඕම් මුරුගා ඕම් මුරුගා
පරතෙර නොමැති ලෙස ලොව කිත් සිරි පතුරා
අර ගෙන වේළායුධ තම දකුණතෙහි දරා
සුර රැඳි විමන සිතු පැතු දෙන මනෝ හරා
සුරනිඳ කදිර පුර සාමිනි හරෝ හරා
* කතරගම නිමල් කුඩාතිහි
++++++++++ ++++++++++ ++++++++++++++
තත්කාලෙන් ජ්‍යෙdතිෂය හා සමාජ ව්‍යසනය....
පසුගිය සතියෙන් ...
තමන් සකස් කර ගනු ලැබූ ලග්න නවාංශක කුණ්ඩලිය හා දැරියගේ ජන්ම ලග්න නවාංශක කුණ්ඩලියන් සසඳා බැලීමේදී දැරිය මල්වර ගති පහලවී ඇද්ද නැද්ද නැතිනම් ඉදිරියේ කවර සීමාවක සිදුවේදැයි පැහැදිලි කර දීමට හැකිවේ. මල්වර වී නම් ඇසීමට පැමිණි අය නිවසින් පිටත්වීමට පෙර යෙදී සිටි කටයුත්ත නිවසින් පිටත් වූ ආකාරය පෙර මගට හමු වූ අය පිටත්වූ නිවසේ පිහිටීම ඇඳගෙන සිටි ඇඳුමේ වර්ණ අවට සිටි අයගේ තිබූදේ ආදී ලක්ෂණ ඇතුළුව ඉදිරි අනාගතය විවාහ කාල සීමා මවුපියන් සහෝදර සහෝදරියන් වැඩිහිටි ඥාතීන්ට අදාළව නිවැරදි විශ්මයජනක ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමේ හැකියාව ජ්යෙතිෂඥවරයා හෝ වරිය සතු දැනුම් සම්භාරය තුළින් පැවසීමට හැකිය. ඉන්පසු කළස් තැබීම් තෙල්වළං ළිප තැබීම් නෑවීම් ආදී කටයුතුවලට නැකත් සකස් කරදී ගුරු පඬුරු ලබා ගැනීමේ හැකියාව තත්කාල ශාස්ත්‍රය ඇසුරින් ඉඩ කඩ පවතී.
මෙම කාලයේ වයස අවුරුදු 11 ට අඩු දැරියන්ට මෙවැනි ලකුණු පහල වීමෙන් මල්වරයක් වී දැයි අසහනයකින් පසුවීම ඇතැම් දෙමාපියන්ට මුහුණ පාන ගැටලුවකි. මෙම තත්ත්වයට හේතු සාධක ලෙස නවීන වෛද්‍ය මතය වනුයේ මස් පිණිස ඇති කරන කුකුළන්ට ශරීරය වැඩීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ මරණයට පත් කළ කුකුළන්ගේ මස්වල තිබී අනුභවයෙන් පසු දැරියන්ගේ ශරීරගත වී කුඩා කල මල්වර ලකුණ සිදු වී ඇතැයි යන විකල්ප තීන්දු තීරණ මත ජ්යෙතිෂ්ශාස්ත්රයේ මෙම කටයුතු නොදත් අයද නිගමනය කරයි. වෛද්‍යවරුන් කරන නිගමනයට වඩා ජ්යෙතිෂඥවරයාගේ තීරණය වඩාත් නිවැරදිවේ. ඈපා පඤචාඬග ලිත, ග්රහත්ඵුඨ ලිත ආදී නම් සඳහන් නොකරන ලද කවර ලිතක හෝ ඇතුළත් ජ්යෙතිෂයානුකූල නොවන පරිදි ගලපා ඇති ක්‍රියා පිළිවෙත් තුළින් මල්වර විස්තර ඉදිරිපත් කර නැකත් සාදා දීමට කටයුතු කිරීම බොහෝ ජ්‍යෙතිෂ ක්ෂේත්රයේ යෙදී ක්‍රියා කරන අයගේ පිළිවෙත වී ඇත.
ජ්‍යෙතිෂානුකූල ආකාරයට ගොඩනගා ඇති විකල්පයන් මිස නිවැරදි ශාස්ත්රීයත්වයක් එහි දකින්නට නැත. එම විස්තරවලට ඇතුළත් කර ඇති නැකත් ඵල - තිථිඵල - දිනපල - යෝග - කරණ - හොරාදිය පැරණි ජ්‍යෙdතිෂඥවරු යෑයි කියා ගන්නා අයගේ විකල්ප මතවාද පමණකි. ශාස්ත්‍රානුකූල නිගමනයන් සියල්ල අශාස්ත්‍රීය මතවාද බිඳ දමා ඉදිරියෙන් සිටිනු ඇත. නාරද සංහිතා වෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය ආදියෙහි විස්තර කර ඇති ලග්නයන් සම්බන්ධව දක්වා ඇති වර්ණ දිශා ආදි වශයෙන් පවතින විශේෂතා ජ්යෙතිෂඥවරයා විසින් ගුරු උපදේශ ඇතිව අවබෝධයෙන් යුතුව භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමෙන් තත්කාල මල්වර කටයුතු සඳහා යොදා ගැනීමෙන් පසු ලබන මානසික වින්දනය සුළුපටු නොවනු ඇත.
මල්වරයෙහි යම්කිසි දෝෂ බලපෑම් ඇත්තේ වී නම් එය සමනය කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පැහැදිලි කිරීමේ හැකියාවද ජ්‍යෙdතිෂඥවරයා සතු කාර්යභාරයකි. හෝම පූජා, සාවිත්‍ර ගයාත්‍රි මන්ත්‍ර පිරවීම්, ස්නාන ක්‍රම විධි ආදිය ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් දොස් දුරු කර ගත හැකිවේ.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද ක්රිෂ්ණ මූර්ති පද්ධතිය සතු තත්කාල ක්රමයක්ද ගැන ඇතැම් දෙනාගේ උදම් ඇනීමට හේතු සාධක කරගෙන කටයුතු කරයි. තමා පැමිණි කාරණාව ක්රිෂ්ණ මූර්ති ජ්යෙතිෂඥයාට කියා පිළිතුරු විමසීමට සේවාදායකයාට සිදු වේ. ඊළඟට 249 පහත අංකයක් බලා ඊට අදාළ උපස්ථාන අනුව විවිධ ග්‍රහයන්ට පැවරීම් කර කිසියම් දෙයක් අදාළ ප්‍රකාශ කිරීම ඉදිරිපත් වීම වැනි අසාර්ථක විකල්ප ක්‍රමවේදයක් ජුගුප්සාජනක ලෙස පෙන්වාදීමට සිත් ගෙන දේ.
අපේ තත්කාල ක්‍රමවේදයේදී පැමිණි කාරණය හෙවත් සේවාදායක සතු ප්‍රශ්න චින්තාව ජ්‍යෙdතිෂඥවරයා අවබෝධ කරගෙන පවසා ඊට ප්‍රති උපකාර විස්තර කර දීමට ඇති හැකියාව ක්රිෂ්ණ මූර්ති විකල්ප තත්කාල ශාස්ත්‍රය තුළින් පැහැදිලිව කළ නොහැකි බව සක්සුදත් සේ ඕනෑම සේවාදායකයෙකුට අවබෝධ වෙනවා ඇත. අද පඤචාඬග ලිත් සකස් කිරීමට උපයෝගි කරගනු ලබන ඇමරිකන් එපිමැරිස් හා ප්‍රංශයේ පළකරන ද කොම්පිලිඩ් එපිමැරිඩිස් ආදි ග්රහන්ඵුඨ ආශ්‍රිතව නිර්මාණය කරනු ලබන මෙරට වෙනත් පඤචාඬග හා ග්‍රහස්ඵුඨ ලිත්වල ඇතුළත් උදා ලග්නශේෂ ඇසුරු කරගෙන කේන්ද්‍ර සෑදීමේදී පවතින ගණිතමය දෝෂ තත්ත්වයන් අවබෝධ කර ගැනීමට කිසිදු ජ්‍යෙdතිෂඥවරයෙකුටම නොහැකි බැවින්ද නක්ෂත්රකාලය ඇසුරු කර ගොඩනගන ලද කේන්ද්‍රයන් තුළින් කිසිදු ජ්‍යෙdතිෂානුකුල කටයුතු කිරීමේ හැකියාවක් නැත. අංක සංඛ්‍යාවක් සහිත බල බලා සිටිය හැකි වෘත්තාකාර සටහන් බව තේරුම් ගත යුතුය. තාරකා ගණිතය වෘත්තාකාර නිර්මාණයකට අනුගත කර ඇති අතර ජ්‍යෙdතිෂ පැරණි සූර්ය සිද්ධාන්තාදි ගණිත ක්රමයන් අණ්ඩාකාර පථයක් තුළින් නිර්මාණය වී ඇත. මෙම අසමාන තත්ත්වයන් ගැන අවබෝධයෙන් තොරව ඉන්දියාවේ ඉංග්‍රීසි බසින් පළ කරන ලද සූර්ය සිද්ධාන්ත සතු දත්තයන් වෘත්තාකාර ගණිත පදනමකින් ගැළපීමට යැමෙන් ඇතිවන පරස්පරතාවයන්ගේ පිහිටීමට අනුව සූර්ය සිද්ධාන්ත ගණිත ක්‍රම අදට නොගැළපෙන සාවද්‍ය ක්‍රමවේදයන් ලෙස පුන පුනා කීම අසාර්ථක ප්රයත්නයක් ලෙස අපේ රටේ භෞතික විද්‍යාඥයන්ට පවා වැටහී නොතිබීම පරගැතිභාවයේ චින්තනය බව අවබෝධ කර ගැනීම තුළ මෙරට ජීවත් වන ජ්‍යෙdතිෂඥවරුද දැන සිටිය යුතු කරුණකි.
ඕනෑම වර්ෂයක මිථුන රවියට දින 32 ක පිහිටීමක් පවතිනු ලබන සිද්ධාන්තානු ගත සම්මතයකි. මෙම වර්ෂයේ සකස් කර ඇති පඤචාඬග ලිත්වල දින 31 ක පිහිටීමකින් දක්වා තිබීමෙන් ලිත් ගණිතය ජ්‍යෙdතිෂ ගණිතය නොදත් පරිගණක නිර්මාපකයන්ගේ දැනුමේ විශිෂ්ටත්වයකි. එනිසා සියලුම පඤචාඬග ලිත් භාවිතයෙන් දක්වන වාරතිථි ආදියේ පිහිටීම් සාවද්‍ය වේ. එනිසා කටක සංක්රාන්තියේ පටන් සියලු ලිත්වල ගණිතමය දෝෂයන්ගෙන් පරිනිර්මිත බව පෙන්වා දෙනු ලැබුවත් ලිත් කර්තෘවරුන්ගේ පරිගණක ගැතිකම් දක්වමින් මෙම ශාස්ත්රයේ පරිහානියට හේතු සාධක සලසා දී ඇති බව නොරහසකි.
ජ්යෙතිෂඥවරුන් ලෙසින් පෙනී සිටි පුද්ගලයන් අවශ්‍යතාව තම කාර්යභාරය තුළින් අනුන්ගේ මුදල් ගසා කෑමය. එය නිසියාකාර ශාස්ත්‍රිය දැනුම නොලද බැවිනි. ජ්‍යෙdතිෂ ගුරුවරුන්ගේ අවශ්‍යතාව ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුළාකර තමා ගරුවරයා ලෙසින් පෙනී සිට ජ්‍යෙdතිශාස්ත්රය විකුණා බඩ වියත රැක ගැනීමය. ලිත් කතෘත්වයට අවශ්‍ය පඤචාඬග ලිත් මුද්‍රණය කර තමා නොදන්නා ශාස්ත්රත්වයට හෙණ වැදුනත් වාර්ෂිකව මිල වැඩි කරමින් අනවශ්‍ය දේ ඇතුළත් කර ජ්යෙතිෂ්ශාස්ත්රඥයන්ගේ අතේ ඇති. මුදල් ගසා කෑමය. මාධ්‍යකාරයන්ට අවශ්‍ය ජ්‍යෙතිෂ වැඩ සටහනක් ඉදිරිපත් කිරීම මිස සාර්ථක අසාර්ථක තත්ත්වයෙන් තොරව ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය මාධ්‍ය වෙත නතු කර ගැනීමට යොමු වීමය. ඇතැම් මාධ්‍ය තුළින් ජ්‍යෙdතිෂ ක්ෂේත්රයේ කටයුතු කර ප්‍රවීණ විද්වත් පිටරට සම්මාන ලැබූවන් කියා ගන්නා පුද්ගලයන් මාධ්‍ය සාකච්ඡා වැඩසටහන් තුළට ගෙන්වා ජ්යෙතිෂ්ශාස්ත්රයට නිගරු කර රට තුළ මතයක් ගොඩ නැංවීමය. එම අවස්ථාවේදී මතවාද ඉදිරිපත් කරන්නන් අදහස් ප්‍රකාශ කරන්නන් දෙපාර්ශ්වයම තම තමන්ගේ විෂය පිළිබඳ අවබෝධයක් නැති බව ප්‍රදර්ශනය කරයි. මේ අභියෝග හමුවේ අපි ශාස්ත්‍රීය අවබෝධයෙන් නොසැලී සිට සේවාදායකය න් ශාස්ත්‍රීය ප්‍රතිඵල සාර්ථක අන්දමින් ලබා දීමට ජීවත් වන තුරා කැපවීම කරමු.
* ම.ලි. සුගතපාල
- 0112530564
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks